බුදුන් උපන් දේශය සොයා දැන ගත යුතු අරමුණ කුමක්ද?


budun upan deshaya
ගෝතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථය මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹ ඇත. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.

නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම අරිය​ මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානයි.

This Helabima, where we were born, is Janbudveepa, the birth place of the Lord Buddha


බුදුන් උපන් දඹදිව හෙළයා හඳුනාගත යුත්තේ ඇයි?



Why should hela people be cognizant?
★★★★
මේ උතුම් හෙල බිමෙහි පිහිටි, සියලු බුදු පියාණන් වහන්සේලා තම උතුම් මංගළ ධර්ම දේශණාව සිදු කරන ඉසිපතනාරාම මිගදායේදී, 2015 මැයි මස 31 වන දින, අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවාවූ, නිබ්බාන වීම සඳහාම උපකාරවන, පෙර නොඇසූ විරූ ඉතිහාසගත පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශනාව
★★★★